පඳුරකට මුවා වුණු අමුතු මිටි මිනිසෙකි. ඔහු කහ පැහැතිය. යහළුවන් තිදෙනා
ඔහු අසලට සෙමෙන් සෙමෙන් ළං වූහ. පිටසක්වල ජීවියා සමඟ මිතුරු වූ ඔවුහු, ‘අපි
මෙයාට යාළුවා කියමු’ යැයි කීහ.
සමන්, අමල්, ශිවා සිය යහළුවා රැගෙන ගොස් ගල් ගුහාවක සැඟ වීය.
පියාඹන පීරිසියේ ආරංචිය මුළු ප්‍රදේශය පුරාම පැතිර ගියේ විදුලි වේගයෙනි.
මාධ්‍ය ආයතනයකින් සීගිරියට පැමිණෙයි. පිටසක්වල ජීවියා සොයා හොරු දෙදෙනෙක්
කැලය පීරයි. සමන්, අමල්, ශිවා සමඟ දවස ගෙවනා කුරුමිට්ටා ගමෙහි ඇති ගැටුම්,
වාද භේද, ක්‍රෝධය, වෛරය ඇති මිනිස් ගති දකියි. ඔහු බොහෝ දුකට පත් වෙයි.
පාර්වතීගේ නිවෙසට රිංගා ගත් කුරුමිට්ටා දකින පාර්වතී නිසා කුරුමිට්ටාගේ රහස
හෙළි වේ. ගමට පොලිසිය පැමිණෙන්නේ් මේ අතරය.
කුරුමිට්ටාව පොලිසිය අත් අඩංගුවට ගනීවිද?
හොරුන්ට කුරුමිට්ටා අල්ලා ගන්නට ලැබේවිද?
අමල්, සමන්, ශිවාට තම යහළුවා බේරා ගන්නට ලැබේවිද?
‘කුරුමිට්ටෙක් ඇවිල්ලා’ ළමා චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිත
චිත්‍රපටයකි. මේ සියල්ලටම පිළිතුරු සෙවීමට නම් ‘කුරුමිට්ටෙක් ඇවිල්ලා’ ළමා
චිත්‍රපටය නැරඹිය යුතු වේ.
Director, Producer, Script by A.A. Junaideen,
Assistant Director Chandana Edirisinhe,
Veena Jayakodi,
Cleatus Mendis,