සංගීත පවුලක ආභාෂය ලැබ මෙරට සංගීත ක්ෂේත්රයට පිවිසෙන ඇය පළමුව ප්‍රේක්ෂක
අවධානය දිනාගන්නේ "ඩැඩී" සංගීත කණ්ඩායමේ ගයාන් පෙරේරා සමග ගායනා කළ "නීල
කඳු ගැටේ" ගීතය තුළිනි. එතැන් සිට ගායන ශිල්පිණියක ලෙස ඔබ හඳුනාගන්නා ඇය
"සිංහාවලෝකනය" චිත්‍රපටය සඳහා සිය කුළුඳුල් රංගන දායකත්වය ලබාදෙමින් රංගන
ශිල්පිණියක ලෙස ද කලා ක්ෂේත්රයට සිය නම එක්කරයි. එම චිත්‍රපටය සඳහා රුවන්
හෙට්ටිආරච්චි සමග ගායනා කළ "මතකද හැන්දෑවේ අපි දෙන්නා", චින්ති සමග ගායනා
කරන "තරු මිණි ඔච්චම් පාමින" වැනි ගීත තුළින් ද ප්‍රේක්ෂකයින් අතර
ජනප්‍රියත්වයට පත්වීමට ද ඇය සමත්වූවාය.
ඇය ප්‍රවීණ ගායක යුවලක් වන රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේඛා මහත්මියගේ ආදරණිය දියණිය රයිනි චාරුකාය. .