Uthpala Madhushani Interview with Derana Tv මම ගත්ත තීරණය වැරදුණා...Watch Online


"පතිනි" ටෙලි නාට්‍යය තුළින් මෙරට රංගන ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිකරගත් ඇය එතැන් සිට මේ දක්වා ටෙලි නාට්‍යය බොහොමයක් සඳහා සිය රංගන දායකත්වය ලබා දී තිබේ. එමෙන්ම දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ "ආදරණීය පූර්ණිමා" සහ "ආදර වසන්තයක්" වැනි ටෙලි නාට්‍ය තුළින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගැනීමට ඇය සමත්විය. මේ දිනවල රූපවාහිනිය ඔස්සේ විකාශය වන "රන් සමනළයෝ", "ඉසිවර සැණකෙළි" සහ "ආදරේ අහස තරම්" ටෙලි නාට්‍ය ඔස්සේ ද ඇය ප්‍රේක්ෂක ඔබ හමුවට පැමිණෙයි.
මම ගත්ත තීරණය වැරදුණා...

ඇය උත්පලා මධුෂාණි...

ඡායා - නදුන් බදුගේ

 

*සම්පූර්ණ නම

ගුණතිලක උත්පලා මධුෂාණි

*උපන්දිනය

1990 ජූලි 07

*ලග්නය

මිථුන

*උස

අඩි 05 අඟල් 05

*පදිංචිය

බොරැල්ල



*උත්පලා, කොහොමද ඉතින් ජීවිතේ?

මේ දවස්වල මෙගා ටෙලි නාට්‍ය 04 ක් සඳහා දායකවෙනවා. ඒ නිසා ටිකක් කාර්යයබහුලයි. "සාරංගනා", "ආදරේ අහස තරම්", "සඳ සිත්තම්" සහ "යශෝධරා" කියන නාට්‍ය 04. ඒ දේවල් එක්ක තමයි මේ දවස්වල කාලය ගතවෙන්නේ.

*මේ වෙද්දි ඔබ වෘත්තීය වශයෙන් රංගන ශිල්පිණියක් විදිහට කටයුතු කරනවාද?

වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිණියක් කියනවාට මම කැමති නෑ. මොකද වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිණියක් වීමේ බලාපොරොත්තුව මට නැති නිසා. මම වෘත්තීය රංගන ශිල්පිණියක් නෙමේ.

*ඔබේ සමකාලීන රංගන ශිල්පිණියන් සමග සසඳද්දි ඔබට ක්ෂේත්‍රය තුළ ඉහළ සාර්ථකත්වයක් ලබාගන්න පුළුවන් වුණා කියලා හිතනවාද?

මම මුලින් කිව්වා වගේම මම වෘත්තීය මට්ටමේ රංගන ශිල්පිණියක් නෙමෙයි. ඒ නිසා මට කා එක්කවත් තරගයක් නෑ. මට අවශ්‍යතාවය තිබුණේ හොඳ නිර්මාණවලට දායකවීමටයි. තවමත් විකාශය නොවුණත් මට පසුගිය කාලේ හොඳ නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. නිර්මාණ අතින් ම‍ම සමකාලීන ශිල්පිණියන් සමග සමානයි කියලා හිතනවා. නමුත් ජනප්‍රියත්වය හෝ මුදල් අතින් මට කිසිවෙකුවත් අභිබවායන්න අවශ්‍ය නෑ. 

*වෘත්තීය වශයෙන් ක්ෂේත්‍රයේ රැඳීඉන්න අකමැති ඇයි?

වෘත්තීය නිළියක් වෙන්න අකමැති නෑ. මම හිතන්නේ තරුණියක් විදිහට ජීවිතයේ ඊට වඩා ලොකු බලාපොරොත්තු තියෙනවා. මම අනිත් අය ගැන කියන්න දන්නේ නෑ. නමුත් මගේ කැමැත්තක් නෑ වෘත්තීය මටටමේ නිළියක් වෙන්න. මගේ ඉහළම බලාපොරොත්තුව හොඳ බිරිඳක් වීම හා හොඳ මවක් වීමයි.  

*තවමත් පුංචි තිරයේ නිර්මාණවල ප්‍රධාන කාන්තා චරිතය සඳහා දායකවෙන්න ඔබට අවස්ථාව ලැබිලා නෑ නේද?

මම දායකත්වය ලබාදුන් නිර්මාණත් එක්ක මගේ හැකියාව පෙන්වන්න පුළුවන් නිර්මාණ මට ලැබුණේ නෑ. තවමත් විකාශය නොවුණත් මම ප්‍රධාන චරිතය සඳහා රංගන දායකත්වය ලබාදුන් නිර්මාණ කිහිපයක්ම තියෙනවා. මම හිතනවා ඒ නිර්මාණ විකාශය වෙද්දි ඔය ප්‍රශ්නයට පිළීතුරක් ලැබෙයි කියලා.

*ඔබ හිතන විදිහට ශ්‍රී ලංකාවේ නිළියක් වෙන්න නම් අවශ්‍ය වන අවම සුදුසුකම් මොනවද?

මම හිතන විදිහට අවම සුදුසුකම තමයි රූපය. ඒ වගේම දක්ෂතාවය අවශ්‍යයි. අපේ රටේ ති‍යෙන අඩුව තමයි අපිට අපේ හැකියාව දියුණුකරගන්න ඉගෙනගන්න තැනක් නෑ. ඉගෙනගන්න තැන් කිහිපයක් තියෙනවා. නමුත් මම හිතන්නේ නෑ ඒවාට සම්බන්ධවෙන්න අපේ රටේ නිළියන්ට නිසි මාර්ගයක් තියෙනවා කියලා.

*රංගන ශිල්පිණියක් විදිහට ඔබ සතුව තිබෙන සුදුසුකම් සහ හැකියාවන් ගැන ඔබ සෑහීමට පත්වෙනවද?

ඇත්තටම නැහැ. මම කලාව තුළ අද බිහිවුණු දරුවෙක් වගේ. මම කිසිම දෙයක් දන්නේ නැහැ. මට තව ඉගෙනගන්න බොහෝ දේවල් තියෙනවා. වෘත්තීය මට්ටමේ නිළියක් නොවුණත් මම කැමතියි මම ක්ෂේත්‍රයේ රැඳීඉන්න කෙටි කාලය තුළ මගේ ප්‍රේක්ෂකයින්ගේ මතකයේ රැ‍ඳෙන නිර්මාණවලට දායකවෙලා ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්න.

*ක්ෂේත්‍රයෙන් ඉක්මනින්ම ඉවත්වීමේ බලාපොරොත්තුවක් තියෙනවාද?

තවත් වසර එකහමාරක පමණ කාලයක් මම ක්ෂේත්‍රයේ රැඳී ඉඳීවි. විදේශගත වීමේ බලාපො‍රොත්තුවක් කලින් ඉඳලම මට තිබුණා. යම් යම් හේතූන් මත එය කල්ගියා. නමුත් තවම මගේ අරමුණ විදේශගතවීමයි.

*ඔබ රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපටයක් නිසා ඔබ පසුගිය කාලේ තරමක කළකිරීමකින් සිටියා. ඇත්තටම මොකක්ද සිද්ධවුණේ?

මම සම්බන්ධවුණු චිත්‍රපටය "වියපත් බඹරා". මම එහි නිරූපණය කළේ වසර 16 ක පමණ දැරියකගේ චරිතයක්. නමුත් එම චිත්‍රපටය සඳහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගන්න මගේ ව්‍යාජ ප්‍රදර්ශන පුවරු යොදාගෙන තිබුණා. ඇත්තටම මම ඒ දවස්වල ගොඩක් කළකිරීමෙන් හිටියේ. ඒ නිසා බොහෝ කටකතාත් පැතිරුණා. නමුත් මම අදටත් කියන්නේ මම එහෙම දෙයකට සම්බන්ධ වෙලා නෑ.

*එය ඔබේ ප්‍රේමයටත් බලපෑමක් එල්ල කළා නේද?

එම චිත්‍රපටය නිසාම නෙමෙයි නමුත් මගේ පෙම් සබඳතාවය මට නවත්වන්න සිදුවුණා. ඒකට ප්‍රධානම හේතුව අප දෙදෙනා අතර නොගැළපීමයි. මම හිතන්නේ පෙම් සබඳතාවයක දී දෙදෙනෙකු අතර අවබෝධය හා විශ්වාසය ඉතාම වැදගත්. ඒ විශ්වාසය ගොඩනගාගන්න බැරි නම් ඒ සම්බන්ධතාවය ඉදිරියට ගෙනයනවාට වඩා, අපි දෙන්නම කතා කරලා තීරණයකට ආවා වෙන්වෙන්න.

*එතකොට ඔබේ මව්පියන් ඔබ ක්ෂේත්‍රයේ රැඳීසිටීම ගැන මොකද හිතන්නේ?

මගේ පියා නම් ඇත්තටම කැමති නෑ මම ක්ෂේත්‍රයට සම්බන්ධවීම ගැන. ඔහු විදේශගත වෙලා ඉන්නේ. අම්මා නම් කැමතියි. ඇය තමයි මගේ හෙවනැල්ල වගේ ඉන්නේ. ඇය නිසා තමයි මම ක්ෂේත්‍රයේ යම්තාක් දුර ගමනක් ගියේ. මම හිතනවා ඉතුරු ගමනටත් මගේ අම්මා මගේ හෙවනැල්ල වගේ ඉඳීවි කියලා. ඒ වගේම මගේ අක්කා, මගේ නෑදෑයෝ හැමෝම මට උදව් කරනවා.

*ප්‍රේමයෙන් පැරදීම ගැන ඔබ මොකද හිතන්නේ?

ප්‍රේමයෙන් පැරදුණා කියන්න බෑ. නොගැළපීම මත අපි දෙන්නා තව දුර ගමනක් යනවාට වඩා කතාකරලා වෙන්වෙන එක හොඳයි. මම කොයිවෙලාවකවත් කියන්නේ නෑ මම ප්‍රේමයෙන් පැරදුණා කියලා.

*ඔබේ විවාහය ගැනත් අපට ළඟදිම අහන්න ලැබෙයිද?

මම හිතන්නේ මගේ විවාහයත් ඉතා ඉක්මනින් සිදුවෙයි. මේ වෙනකොට නම් මට පෙම්වතෙක් නෑ. නමුත් මගේ අම්මාගේ බලාපොරොත්තුව මම මේ රටින් යන්න කලින් මගේ විවාහය සිදුකරන්න. විවාහ යෝජනා නම් එනවා. නමුත් මම හිතුවා මගේ ප්‍රේමය අවසන් වෙලා තවම මාස කිහිපයයි ගතවෙලා තියෙන්නේ. මම ගත්ත තීරණය වැරදුණා. ඒ නිසා මම ඒ සම්බන්ධව තීරණය කරන්න අම්මාට භාරදීලා තියෙනවා. මගේ ජීවිතයේ මාව හොඳින්ම තේරුම්ගත්තේ මගේ අම්මා. මම හිතනවා අම්මා මට හරියටම හරියන කෙනා තෝරයි කියලා.

*විවාහයෙන් පස්සේ කලාවෙන් ඉවත්වීමේ තීරණයේ තවමත් වෙනසක් නැද්ද?

මම කොහොමත් මුල ඉඳලම කැමති වුණේ නෑ මගේ පවුල් ජීවිතයයි, වෘත්තීය ජීවිතයයි දෙක සම්බන්ධ කරගන්න. මම දැකලා තියෙනවා මේ ක්ෂේත්‍රයේ සාර්ථක පවුල් ජීවිත ගෙවන පිරිස්. නමුත් මම මුල් තැන දෙන්නේ මගේ පවුල් ජීවිතයට. මම ගමෙන් ආව කෙනෙක්. මගේ ගැමිකම, හැමදේම එක්ක මම හිතන්නේ මම මුල් තැන දෙන්න ඕන පවුල් ජීවිතේට. ඒ නිසා විවාහයෙන් පස්සේ මම මේ වෘත්තියෙන් ඉවත්වෙනවා.

*මේ දක්වා ඔබේ වෘත්තීය වගේම පෞද්ගලික ජීවිතය දිහාත් ආපහු හැරිලා බැලුවොත් තියෙන්නේ ජයග්‍රාහී හැඟීමක්ද? පසුතැවීමක්ද?

මම හිතන්නේ මම ජයග්‍රහණය කරලා තියෙනවා. මොකද මම කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දේවල් මට මේ වනවිට ලැබිලා තියෙනවා. මම රංගනයෙන් දායකවුණු චිත්‍රපටය හැරුණුවිට මම එහෙම කිසිමදෙයක් ගැන කළකිරීමක් ඇතිකරගෙන නෑ. මම ඒ දෙය මගේ ජීවිතයට අත්දැකීමක් කරගත්තා. මම දැන් නිර්මාණයක් තෝරාගැනීමේ දී වඩාත් සැලකිලිමත් වෙනවා.

*මේ දක්වා ඔබේ ජීවිතය තුළ ඔබ ලබා තිබෙන දරුණුම දඬුවම මොකක්ද?

මම පුංචි කා‍ලේ අම්මාට නොකියා යාළුවෙක්ගේ ගෙදර ගියා. මට අවුරුදු 07 ක් විතර කාලේ. මම ආයේ ගෙදර එන්න පරක්කු වුණා. ඒ නිසා අම්මා මාව හොයාගෙන ආවා. ඊටපස්සේ මාව කාමරයකට දාලා මට ඇතිවෙනකං ගැහුවා. ඒක මගේ ජීවිතයටම අමතක වෙන්නේ නෑ. ඒ සිද්ධියෙන් පස්සේ මම පාසලෙන් ඉවත්වෙනකම්ම කිසිම යාළුවෙක්ගේ ගෙදරක ගියේ නෑ. ඒක තවම මගේ මතකයේ තියෙනවා.  

*රංගනයට අමතරව ඔබ දස්කම් ‍දක්වන වෙනත් ක්ෂේත්‍ර මොනවාද?

මම පුංචි කාලේ ආස කළේ නර්තන ගුරුවරියක් වෙන්න. මම නර්තනය තමයි හැදෑරුවේ. මම කවදාවත් හිතුවේ නෑ රංගන ශිල්පිණියක් වෙයි කියලා. මම හිතන්නේ මම තවමත් වැඩිපුර දක්ෂ නර්තනයට කියලයි.

*කලා ක්ෂේත්‍රයට සම්බන්ධ නොවුණා නම් ඔබේ ජීවිතය මොනවගේ පැත්තකට යොමුවෙයිද?

මම රංගන ශිල්පිණියක් නොවුණා නම් නර්තන ගුරුවරියක් වෙයි.

HARD TALK 

*ආදරය කරන යුවලක් අනිවාර්යයෙන්ම විවාහ විය යුතු බව ඔබ සිතනවාද?

නැහැ.

*කවදා හෝ ක්ෂේත්‍රයේ කෙනෙක්ගෙන් ඔබට ආදර යෝජනාවක් ලැබිලා තියෙනවද?

ඔව්.

*ඔබේ පෙම්වතාගේ ඉල්ලීම මත ඔබට ලැබුණු කිසියම් නිර්මාණයක් ප්‍රතික්ෂේප කළ අවස්ථාවක් තියෙනවද?

ඔව්.

*කිසියම් දර්ශන තලයකදී ප්‍රවීණ ශිල්පියෙකුගෙන් හෝ ශිල්පිණියකගෙන් බැනුම් අහන්න සිද්ධවුණු අවස්ථාවක් තියෙනවද?

ඔව්.

*කිසියම් නිර්මාණයක් වෙනුවෙන් පොරොන්දු වුණු මුදල් නොලැබී ගිය අවස්ථා තිබෙනවාද?

නැහැ.

*පෞද්ගලික ජීවිතයේ හෝ කලා ක්ෂේත්‍රයේ ඔබට තරහකාරයෝ ඉන්නවද?

නැහැ.
Tags:

About www.col3neglive.blogspot.com - Disclaimer

About videos in this site www.col3neglive.blogspot.com generate video search result, based on the keywords that each video has from third party video servers. There may be unrelated video content with the search term that you used; www.col3neglive.blogspot.com is not responsible for the content However, We are conducting research on how to help you find the most relevant video content for your enjoyment. www.col3neglive.blogspot.com is not responsible for videos shared by subscribers from third party video server (i.e. www.youtube.com). All videos shared from a third party video server are copyrighted to the relevant third party video server. To view the original video server, simply check the logo which is displayed on the bottom right side of the video window, or click on the video while it is streaming; You will then be directed to the original video server For YouTube